පරිච්ඡේදය – 104
අල්හුමසා (කේලාම් කීම)
මක්කි – වැකි 9
بسم الله الرحمن الرحيم
අසීමිත කරුණාවන්තයාවූද අසම දයාවන්තයාවූද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි.)
وَيْلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ
104:1. දොස් පවරා, කේලාම් කියමින් ඇවිදින එක් එක්කෙනාටම විපතමය.
الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ
104:2. ඔහු සම්පත් රැස්කර, එය ගණනය කරමින් සිටියි.
يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ
104:3. නියතව, තමාගේ සම්පත් තමාව ස්ථීරත්වයට පත් කර තබන්නේය යි ඔහු සිතාගෙන සිටියි.
كَلَّا لَيُنبَذَنَّ فِي الْحُطَمَةِ
104:4. එසේ නොව, ඔහු ‘හුතමා’වෙහි වීසි කරනු ලබන්නේය.
وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ
104:5. ‘හුතමා’ යනු කුමක්දැ යි කියා ඔබට දැන්වූයේ කුමක්ද?
نَارُ اللَّهِ الْمُوقَدَةُ
الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ
104:6,7. (එය) හදවත් තුළට පිවිසෙන මොලවනු ලැබූ 1අල්ලාහ්ගේ ගින්නක් වේ.
إِنَّهَا عَلَيْهِم مُّؤْصَدَةٌ
فِي عَمَدٍ مُّمَدَّدَةٍ
104:8,9. (ඔවුන්) දිගු කුළුණුවල (බඳිනු ලැබ තිබියදී) නියතව එය ඔවුන් කෙරෙහි (නන්දෙසින්) වසා සිටින්නේය.