පරිච්ඡේදය – 91
අෂ්ෂම්ස් (සූර්යයා)
මක්කි – වැකි 15
بسم الله الرحمن الرحيم
අසීමිත කරුණාවන්තයාවූද අසම දයාවන්තයාවූද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි.)
وَالشَّمْسِ وَضُحَاهَا
91:1. සුර්යයා කෙරෙහිද, එහි දීප්තිය කෙරෙහිද දිවුරා පවසමි!
وَالْقَمَرِ إِذَا تَلَاهَا
91:2. එය පසුපසින් නොනැවතී පැමිණෙන චන්ද්‍රයා කෙරෙහි දිවුරා පවසමි!
وَالنَّهَارِ إِذَا جَلَّاهَا
91:3. එය පිටත පෙන්වන දවාල කෙරෙහි දිවුරා පවසමි!
وَاللَّيْلِ إِذَا يَغْشَاهَا
91:4. එය වසාගන්නා රාත්‍රිය කෙරෙහි දිවුරා පවසමි!
وَالسَّمَاء وَمَا بَنَاهَا
91:5. අහස කෙරෙහිද, එය සැකසූකෙනා කෙරෙහිද දිවුරා පවසමි!
وَالْأَرْضِ وَمَا طَحَاهَا
91:6. පොළොව කෙරෙහිද, එය එලූ කෙනා කෙරෙහිද දිවුරා පවසමි!
وَنَفْسٍ وَمَا سَوَّاهَا
91:7. ආත්මාව කෙරෙහිද, එය නිසියාකාරව නිර්මාණය කළ කෙනා කෙරෙහිද දිවුරා පවසමි!
فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَاهَا
91:8. පසුව ඔහු, එයට එහි අයහකම් ගැනද යහකම් ගැනද වැටහීමක් ඇති කළේය.
قَدْ أَفْلَحَ مَن زَكَّاهَا
91:9. එය පවිත්‍ර කරගත් කෙනා නියතව ජය ලැබුවේය.
وَقَدْ خَابَ مَن دَسَّاهَا
91:10. එය අපවිත්‍ර කළ කෙනා නියතව පාඩුව ලැබුවේය.
كَذَّبَتْ ثَمُودُ بِطَغْوَاهَا
91:11. ‘සමූදු’ සමූහයා තමන්ගේ සීමාව ඉක්මවීම් හේතුවෙන් (8සාලිහ් නබිවරයාව) 49බොරු කළහ.
إِذِ انبَعَثَ أَشْقَاهَا
91:12. ඔවුන්ගෙන් වඩාත් අභාග්‍යවන්තයා ඉදිරියට පැමිණි කල,
فَقَالَ لَهُمْ رَسُولُ اللَّهِ نَاقَةَ اللَّهِ وَسُقْيَاهَا
91:13. 1අල්ලාහ්ගේ 8දූතයා (වන සාලිහ් නබි) ඔවුන් හමුවෙහි, ‘1අල්ලාහ්ගේ ඔටු දෙණවද, ඌ ජලය බීමද (හැර දමන්නැ)’ යි පැවසුවේය.
فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنبِهِمْ فَسَوَّاهَا
91:14. ඔවුහු ඔහුව 49බොරු කර, ඌව කපා දැමූහ. එහෙයින්, ඔවුන්ගේ පව හේතුවෙන් ඔවුන්ගේ 10ස්වාමියා ඔවුන් කෙරෙහි වධ වේදනාව පහළ කර ඔවුන්ව සහමුළින්ම විනාශ කර, සමතලා කළේය.
وَلَا يَخَافُ عُقْبَاهَا
91:15. තවද එහි ප්‍රතිඵලය ගැන ඔහු බිය නොවන්නේය.