පරිච්ඡේදය – 90
අල් බලද් (එම නගරය)
මක්කි – වැකි 20
بسم الله الرحمن الرحيم
අසීමිත කරුණාවන්තයාවූද අසම දයාවන්තයාවූද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි.)
لَا أُقْسِمُ بِهَذَا الْبَلَدِ
وَأَنتَ حِلٌّ بِهَذَا الْبَلَدِ
90:1,2. (ඕ:නබි!) ඔබ (මක්කම වූ) මෙම නගරයෙහි සිටින තත්ත්වයෙහි, මම මෙම නගරය කෙරෙහි දිවුරමි.
وَوَالِدٍ وَمَا وَلَدَ
90:3. (පළමු) පියා කෙරෙහිද, ඔහු වැදූවන් කෙරෙහිද දිවුරා පවසමි!
لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي كَبَدٍ
90:4. නියතව අපි මිනිසාව දුෂ්කරතාවයෙහි (ගිලී සිටින්නෙකු ලෙස) මවා ඇත්තෙමු.
أَيَحْسَبُ أَن لَّن يَقْدِرَ عَلَيْهِ أَحَدٌ
90:5. ඔහු කෙරෙහි කවරෙකුවත් හැකියාව නොලබන්නේය යි ඔහු සිතයිද?
يَقُولُ أَهْلَكْتُ مَالًا لُّبَدًا
90:6. ‘මම අධිකව සම්පත් විනාශ කර ඇත්තෙමි’ යි ඔහු (අහංකාරකමින්) පවසයි.
أَيَحْسَبُ أَن لَّمْ يَرَهُ أَحَدٌ
90:7. ‘මාව කිසිවෙකු දුටුවේ නැතැ’ යි ඔහු සිතයිද?
أَلَمْ نَجْعَل لَّهُ عَيْنَيْنِ
وَلِسَانًا وَشَفَتَيْنِ
90:8,9. අපි ඔහුට දෑසද, දිවක්ද, දෙතොලද ඇති නොකළෙමුද?
وَهَدَيْنَاهُ النَّجْدَيْنِ
90:10. තවද අපි ඔහුට (යහපත, අයහපත යන) දෙමඟම නොපෙන්වූයෙමුද?
فَلَا اقْتَحَمَ الْعَقَبَةَ
90:11. එසේ වුවද ඔහු (යහපතට අයත් මං වූ) ‘අකබා’ව පසු නොකළේය.
وَمَا أَدْرَاكَ مَا الْعَقَبَةُ
90:12. ‘අකබා’ව යනු කුමක්දැ යි කියා ඔබට දැන්වූයේ කුමක්ද?
فَكُّ رَقَبَةٍ
90:13. (එය) වහළෙකුව නිදහස් කිරීම වේ.
أَوْ إِطْعَامٌ فِي يَوْمٍ ذِي مَسْغَبَةٍ
يَتِيمًا ذَا مَقْرَبَةٍ
أَوْ مِسْكِينًا ذَا مَتْرَبَةٍ
90:14,15,16. නැතිනම් සමීප නෑකමක් ඇති අනාථ දරුවෙකුට, නැතිනම් දුගීබවෙන් පෙළෙන දුප්පතෙකුට බඩගිනි දවසක ආහාර ලබාදීම වේ.
ثُمَّ كَانَ مِنَ الَّذِينَ آمَنُوا وَتَوَاصَوْا بِالصَّبْرِ وَتَوَاصَوْا بِالْمَرْحَمَةِ
90:17. පසුව ඔහු 6විශ්වාස කර, ඉවසීම මගින් එකිනෙකාට උපදෙස් කර, කරුණාව මගින් එකිනෙකාට උපදෙස් කරන්නන් අතරෙහි සිටීමද වේ.
أُوْلَئِكَ أَصْحَابُ الْمَيْمَنَةِ
90:18. දකුණු පාර්ශවයට අයත්වන්නෝ ඔවුහුමය.
وَالَّذِينَ كَفَرُوا بِآيَاتِنَا هُمْ أَصْحَابُ الْمَشْأَمَةِ
90:19. කවරහු අපගේ වැකි 12ප්‍රතික්ෂේප කළෝද ඔවුන් වම් පාර්ශවයට අයත්වූවන්ය.
عَلَيْهِمْ نَارٌ مُّؤْصَدَةٌ
90:20. ඔවුන් මත (නන්දෙසින්) වසනු ලැබූ ගින්න තිබෙන්නේය.