අපේ දෙලොව ජීවිතයෙහිම උන්තතිය උදෙසා අල්ලාහ්ගේ දූතවරයා අපට ඉගැන්වූ මෙම වැදගත් ප්‍රාර්ථනා කට පාඩම් කර කීම උසස් කොට සළකමු. අපේ අඹු දරුවන්ට ද උගන්වමු.

1- ප්‍රාර්තනාව

اللَّهُمَّ إنِّي أَعُوذُ بكَ مِن شَرِّ ما عَمِلْتُ وَمِنْ شَرِّ ما لَمْ أَعْمَلْ

“අල්ලාහුම්ම ඉන්නී අඌදූබික මින් ෂර්රි මා අමිල්තු වමින් ෂර්රි මා ලම් අඃමල්”

“යා අල්ලාහ් මා කළ දෙහි අයහපතින් ද, මා නොකළ දෙහි අයහපතින් ද ඔබෙන් ආරක්ෂාව පතමි.” (විස්තර කරන්නේ ආයිෂා (රලි) තුමිය මුස්ලිම් 2716).

2- ප්‍රාර්තනාව

رَبِّ اغْفِرْ لي خَطِيئَتي يَومَ الدِّينِ

රබ්බිඃෆිර්ලී හ(خ)තීඅතී යව්මද් දීන්

“යා අල්ලාහ්! විනිශ්ච දිනයෙහි මාගේ වැරදීන් සමා කරනු මැනව.”

(විස්තර කරන්නේ ආයිෂා (රලි) තුමිය, මුස්ලිම් 214).

3- ප්‍රාර්තනාව

اللَّهُمَّ إنِّي أَسْأَلُكَ العَافِيَةَ
“අල්ලාහුම්ම ඉන්නී අස්අලූකල් ආෆියහ්”
“යා අල්ලාහ්! මා ඔබෙන් නිරෝගි බව ප්‍රාර්ථනා කරමි”
(විස්තර කරන්නේ: ආබ්බාස් (රලි) තුමා, තිර්මිදී 3514).
4- ප්‍රාර්තනාව
اللَّهُمَّ اهْدِنِي وَسَدِّدْنِي
“අල්ලාහුම්මහ්දිනී වසද්දිද්නී”
“යා අල්ලාහ්! මට සෘජු මග පෙන්වනු මැනව! සෘජු දේ නිසි ලෙස කිරීමට මට අවස්ථාව දෙනු මැනව!” (විස්තර කරන්නේඃ අලි (රලි) තුමා, මුස්ලිම් 7086).
5- ප්‍රාර්තනාව
 اللَّهُمَّ مُصَرِّفَ القُلُوبِ صَرِّفْ قُلُوبَنَا علَى طَاعَتِكَ
“අල්ලාහුම්ම මුසර්රිෆල් කුලුබි සර්රිෆ් කුලුබනා අලා තාඅතික”
“සිත් හරවන්නානනි! අපගේ සිත් ඔබට අවනතවීම සඳහා හරවනු මැනව!”
(විස්තර කරන්නේ: අබ්දූල්ලාහ් ඉබ්නු අම්ර් (රලි) තුමා, මුස්ලිම් 2654).
6- ප්‍රාර්තනාව
اللَّهُمَّ اغْفِرْ لِي، وَارْحَمْنِي، وَعَافِنِي، وَارْزُقْنِي
“අල්ලාහුම්මඃ(غ)ෆිර්ලී වර්හම්නී වආෆිනී වර්සු(ز)ක්නී”
“යා අල්ලාහ්! මාව සමා කරනු මැනව, මට දයාව දක්වනු මැනව, මට නිරෝගි බව හා ජීවනෝපාය පිරිනමනු මැනව!”
(විස්තර කරන්නේ: තාරික් ඉබ්නු අෂ්යම් අල් අෂ්ජඊ (රලි) තුමා, මුස්ලිම් 5229).
By: Abu Asma
www.yayuthumaga.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *