“කරුණු හතරක් ගැන මම පුදුම වෙමි”
- දුකින් හා කනස්සල්ලෙන් පීඩාවට පත් වූ පුද්ගලයා ගැන මම පුදුම වෙමි.
ඔහු මෙසේ පැවසීමෙන් නොසැලකිලිමත් වන්නේ ඇයි?
«لَّا إِلَٰهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ»
ලා ඉලාහ ඉල්ලා අන්ත සුබ්හානක ඉනිනී කුන්තු මිනළ් ළාලිමීන්
“ඔබ හැර වෙනත් කිසිදු දෙවියෙකු නැත. ඔබ සුවිශුද්ධය. සැබැවින්ම මම අපරාධකරුවන්ගෙන් කෙනෙකු වූයෙමි.”
මෙයට අල්ලාහ් මෙසේ පිළිතුරු දුන්නේය:
«فاستجبنا له ونجيناه من الغم»
“එබැවින් අපි ඔහුගේ ප්‍රාර්ථනාව පිළිගෙන, ඔහුව දුකෙන් මුදා ගත්තෙමු.” (අල් අන්බියා 21: 87)
- පීඩාවකට හා දුෂ්කරතාවකට පත් වූ පුද්ගලයා ගැන මම පුදුම වෙමි.
ඔහු මෙසේ පැවසීමෙන් නොසැලකිලිමත් වන්නේ ඇයි?
«رَبِّ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنتَ أَرْحَمُ الرَّاحِمِينَ »
රබ්බි අන්නී මස්සනියල් ලූර්රු වඅන්ත අර්හමුර් රාහිමීන්
“මාගේ පරමාධිපතියාණෙනි! සැබැවින්ම මට පීඩාවක් පැමිණ ඇත. ඔබ කරුණාවන්තයින් අතරින් අතිශය කරුණාවන්තයාය.”
මෙයට අල්ලාහ් මෙසේ පිළිතුරු දුන්නේය:
«فاستجبنا له فكشفنا ما به من ضر»
“එබැවින් අපි ඔහුගේ ප්‍රාර්ථනාව පිළිගෙන, ඔහුට පැමිණ තිබූ පීඩාව ඉවත් කළෙමු.” (අල් අන්බියා 21: 83,84)
- බියකින් පීඩාවට පත් වූ පුද්ගලයා ගැන මම පුදුම වෙමි.
ඔහු මෙසේ පැවසීමෙන් නොසැලකිලිමත් වන්නේ ඇයි?
«حَسْبُنَا اللَّهُ وَنِعْمَ الْوَكِيلُ »
හස්බුනල්ලාහු වනිඃමල් වකීල්
“අපට අල්ලාහ් ප්‍රමාණවත්ය. ඔහු ඉතාමත් ශ්‍රේෂ්ඨ භාරකරුය.”
මෙයට අල්ලාහ් මෙසේ පිළිතුරු දුන්නේය:
«فانقلبوا بنعمة من الله وفضل لم يمسسهم سوء»
“එබැවින් ඔවුහු අල්ලාහ්ගෙන් වූ ආශීර්වාදයක් හා භාග්‍යයක් සමඟ ආපසු පැමිණියහ. කිසිදු හානියක් ඔවුන්ට ස්පර්ශ නොවීය.” (ආලු ඉම්රාන් 3: 173, 174)
- මිනිසුන්ගේ කුමන්ත්‍රණවලින් පීඩාවට පත් වූ පුද්ගලයා ගැන මම පුදුම වෙමි.
ඔහු මෙසේ පැවසීමෙන් නොසැලකිලිමත් වන්නේ ඇයි?
«وأفوض أمري إلى الله إن الله بصير بالعباد»
වඋෆව්විලු අම්රී ඉලල්ලාහ් ඉන්නල්ලාහ බසීරුන් බිල් ඉබාද්
“මම මගේ සියලු කටයුතු අල්ලාහ්ට භාර කරමි. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන් පිළිබඳව මැනවින් දකින කෙනෙකි.”
මෙයට අල්ලාහ් මෙසේ පිළිතුරු දුන්නේය:
«فوقاه الله سيئات ما مكروا»
“ඔවුන් කළ කුමන්ත්‍රණවල නපුරු ප්‍රතිවිපාකවලින් අල්ලාහ් ඔහුව ආරක්ෂා කළේය.” (අල් ගාෆිර් 40: 44, 45)