මහා කාරුණික අල්ලාහ් ඒකීයය හා අසමසමය

· අල්ලාහ් හට හවුල්කරුවන්, සමානයන් හෝ ප්‍රතිවාදීන් නොමැත

· අල්ලාහ් හට පියෙකු, මවක්, පුතුන්, දියණියන්, බිරින්දන් හෝ පවුලක් නොමැත

· නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු හෝ කිසිවක් නොමැත

· විශ්වයේ සියල්ල කෙරෙහි පරිපුර්ණ අධිකාරය, ශක්තිය හා බලය අල්ලාහ් සතුය

· සියල්ලෙහි සදාතන සරණ අල්ලාහ් වෙතය

· අල්ලාහ් වෙත අවනත වීමෙන් අල්ලාහ්ගේ බලය වැඩිවීමක් හෝ අවනත නොවීමෙන් බලය අඩුවීමක් හෝ සිදු නොවේ

· අල්ලාහ් පරම පරිපුර්ණත්වයෙන් යුක්ත වන අතර මිනිස් සීමාවන් කිසිවක් අල්ලාහ් හට නොමැත

· මිනිස් ජීවිතයේ ප්‍රධාන පරමාර්ථය අල්ලාහ් විසින් තම ධර්ම දූතයන් මගින් ලබාදුන් මාර්ගෝපදේශයන් අනුව ජීවිතය සකස් කර ගනිමින් අල්ලාහ්ට අවනත අයුරින් ජීවත් වීමය. මෙම ධර්ම දූත මෙහෙවරේ අවසාන ධර්ම දුතයා ලෙස පැමිණ ඇත්තේ මුහම්මද් තුමාණන් වන අතර එතුමා මගින් ලබා දුන් දේව පණිවිඩය අල් කුර්ආන් වෙයි. මෙම මාර්ගෝපදේශය මුළුමහත් මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් ම ලබා දුන්නකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *