කිසිම දහමකින් ත්‍රස්තවාදය අනුමත කරන්නේ නැතත් ඕනෑම ආගමිකයින් අතර ත්‍රස්තවාදීන් දැකිය හැකිය. එසේ වන්නේ ආගම්වල වරදක් නිසා නොව මිනිසුන්ගේ වැරදි නිසාය. කෙසේ වෙතත් ලෝකයේ ඇති සෙසු ආගම්වල මෙන්ම ඉස්ලාම් දහමින්ද මිනිස් ජිවිතයට ඉතා ඉහළ වටිනාකමක් ලබා දී ඇත. එහෙත් ත්‍රස්තවාදීන් මිනිස් ජීවිතයට නිසි වටිනාකමක් ලබා දී නොමැත.  අල් කුරානයට අනුව හේතුවක් නොමැතිව එක් මිනිස් ඝාතනයක් සිදු කිරීම මුළු මිනිස් වර්ගයාවම ඝාතනය කළාට සමානය. මෙවැනි වදනක් අල් කුරානයේ හැර වෙනත් කිසිම දහමක නොමැත.

“මේ හේතුවෙන්ම “කව්රුන් හෝ තවත් ආත්මයක් ඝාතනය කිරීමට දඬුවම් වශයෙන් හෝ නැතහොත් භුමියෙහි විශාල කලබලයක් වැළැක්වීමට හෝ මිස (අයුක්ති සහගතව කෙනෙක්ව) ඝාතනය කරන්නේද ඔහු මිනිසුන් සියල්ලෝම ඝාතනය කළාට සමාන වන්නේය. තවද එක් ආත්මයක් ජිවත් කරවීම මිනිසුන් සියල්ලෝම ජිවත් කරවීමට සමාන වන්නේය” (කුරානය 5:32)

මෙම කුර්ආන් වැකිය අනුව ඉස්ලාම් දහමින් වෙන කිසිම දහමක නැති තරම් ත්‍රස්තවාදයට ඉඩ අහුරා තිබේ.

ලෝකයේ සිටින සෑම ජාතියකම ත්‍රස්තවාදීන් සිටිති. එහෙත් අනෙකුත් ජාතින් සමග සැසඳීමේදී මුස්ලිම්වරුන් අතර සිටින ත්‍රස්තවාදීන්ගේ ප්‍රතිශතය ඉතාමත්ම අඩුය. ඇමරිකාවේ සිදුකරන ලද සංගණනයටකට අනුව ඇමරිකාව තුල සිදුවුණු ත්‍රස්තවාදී කටයුතුවල මුස්ලිම්වරුන්ගේ සහබාගිත්වය 6% කි. ඉතිරි 94%ම මුස්ලිම් නොවන ත්‍රස්තවාදී සංවිදාන විසින් සිදු කල ඒවාය. එහෙත් මුස්ලිම් නොවන ජන මාධ්‍යයන් මගින් ප්‍රචාරය කරනු ලබන්නේ සෑම මුස්ලිම්වරයෙකුම ත්‍රස්තවාදියෙකු ලෙසය.

ත්‍රස්තවාදය කෙසේ වෙතත් පළමු සහ දෙවන ලෝක යුද්ධවලදී අහිංසක ජිවිත සහ දේපල විශාල ප්‍රමාණයක් විනාශ කොට ඇත. එය ත්‍රස්තවාදීන් කරන විනාශයට වඩා අතිශයින්ම විශාලය. පළමු ලෝක යුද්ධයේදී පමණක් මිනිස් ජිවිත 37,000,000 (මිලියන තිස් හතක්) නැති විය. දෙවන ලෝක යුද්ධයේ දී එම සංක්‍යාව 48,231,700 විය. මේවා ඇතැම් පාලකයින්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා සිදුවුණු විනාශයන්ය.

ඇමරිකාවේ සිදුවූ 9/11 සිද්ධිය පිටුපස යුදෙව්වන් සිටින බවට බොහෝ සාක්‍ෂි සොයාගෙන ඇත. එසේ තිබියදීත් එම ප්‍රහාරය සිදු කලේ මුස්ලිම්වරුන් බවට බොරු චෝදනාවක් සිදු කොට ඇත. එපමණක් නොව එම ප්‍රහාරයෙන් පසු ඊට සම්බන්ද නොවූ සියළුම මුස්ලිම්වරුන්ව ඉලක්ක කර බොහෝ හිරිහැර සිදු කොට තිබේ. මෙය ඉස්ලාම් දහමට එරෙහිව සිදු කරනු ලබන කුමන්ත්‍රණයක ප්‍රතිපලයකි.

ලෝකයේ ඇති බොහෝ ත්‍රස්තවාදී සංවිදාන නම් කොට ඇත්තේ එම දහම්වල නමින් නොවේ. එහෙත් මුස්ලිම්වරුන් සම්බන්ද වන ත්‍රස්තවාදී සංවිදාන පමණක් ඉස්ලාම් දහම සමග සම්බන්ද කොට තිබේ. ඒවා ඇතැමුන්ගේ පටු අරමුණු නිසා සිදු කරනු ලබන ක්‍රියාවන්ය. එපමණක් නොව ලෝකයේ කොතනකවත් ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු වූ වහාම ඊට සියළුම මුස්ලිම්වරුන් සම්බන්ද යැයි චෝදනා කරති. එහෙත් වෙනත් කිසිම ආගමිකයෙක් කරන ත්‍රස්තවාදී ක්‍රියාවකට එවැනි චෝදනාවක් කරනු ලබන්නේ නැත. මෙය අද ලෝකයේ පවතින දෙපටකාටු ක්‍රමයක් වන්නේය.

By Fasy Ajward. B.Sc(Special)Hons.

Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *