පරිච්ඡේදය – 106
අල්කුරෛෂ් (කුරෛෂ්වරු)
මක්කි – වැකි 4
بسم الله الرحمن الرحيم
අසීමිත කරුණාවන්තයාවූද අසම දයාවන්තයාවූද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි.)
لِإِيلَافِ قُرَيْشٍ
106:1. කුරෛෂිවරුන්ට ප්‍රියතාවය ඇති කළ හේතුවෙන්,
إِيلَافِهِمْ رِحْلَةَ الشِّتَاء وَالصَّيْفِ
فَلْيَعْبُدُوا رَبَّ هَذَا الْبَيْتِ
106:2,3. ශිත සෘතු හා ග්‍රීස්ම සෘතු ගමනේදී ඔවුනට ප්‍රියතාවය ඇති කළ හේතුවෙන්, ඔවුන් මෙම නිවෙසෙහි 10ස්වාමියාට 16නැමදුම් කළාවේ.
الَّذِي أَطْعَمَهُم مِّن جُوعٍ وَآمَنَهُم مِّنْ خَوْفٍ
106:4. ඔහුම ඔවුනට කුසගින්නේදී ආහාර ලබාදුන්නේය. තවද ඔවුනට බියේදී ආරක්ෂාව ලබාදුන්නේය.