පරිච්ඡේදය – 99
අස්සිල්සාල් (කම්පනය)
මක්කි – වැකි 8
بسم الله الرحمن الرحيم
අසීමිත කරුණාවන්තයාවූද අසම දයාවන්තයාවූද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි.)
إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا
99:1. පොළොව බලවත් කම්පනයකට භාජනය කරනු ලබන කල,
وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا
99:2. තවද පොළොව තම ඉසුලුම් පිට කරන කල,
وَقَالَ الْإِنسَانُ مَا لَهَا
99:3. ‘එයට කුමක් සිදුවූයේදැ?’ යි මිනිසා පවසන කල,
يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا
99:4. එම දිනයෙහි එය තම තොරතුරු හෙළි කරන්නේය.
بِأَنَّ رَبَّكَ أَوْحَى لَهَا
99:5. මක්නිසාද යත්, නියතව ඔබගේ 10ස්වාමියා එයට (එසේ පවසන මෙන්) අණ කර ඇත්තේය.
يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِّيُرَوْا أَعْمَالَهُمْ
99:6. තමන්ගේ ක්‍රියා තමන්ට පෙන්වනු ලැබීම පිණිස, මිනිස්සු 9එම දිනයෙහි විවිධ කණ්ඩායම් ලෙස පැමිණෙන්නෝය.
فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ
99:7. එහෙයින්, යම් කෙනෙක් පරමාණුවක ප්‍රමාණයෙන් යහකම් කළත් එයද ඔහු දැකගන්නේය.
وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ
99:8. යම් කෙනෙක් පරමාණුවක ප්‍රමාණයෙන් අයහකම් කළත් එයද ඔහු දැකගන්නේය.