අල් කුර්ආනයේ 26:214 වැනි වැකිය වූ ‘(නබිවරය), ඔබගේ සමීප ඥාතීන්ට අවවාද කරන්න’ යන්න පහළ වූ පසු මුහම්මද් තුමාණන් (එතුමා කෙරෙහි මහා කාරුණික අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා)
තම පවුලේ උදවිය අමතා පහත සඳහන් අයුරින් ආමන්ත්රණය කළේය. ‘කාබ් බින් ලුවයිගේ පරපුරෙන් පැවතෙන්නනි, අපා ගින්නෙන් ඔබලාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න. අල්ලාහ්ගේ දඬුවමින් ඔබව ආරක්ෂා කර ගැනීමට මට උපකාර කළ නොහැක’.
‘මුර්රාහ් බින් කාබ්ගේ පරපුරෙන් පැවතෙන්නනි, අපා ගින්නෙන් ඔබලාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න. අල්ලාහ්ගේ දඬුවමින් ඔබව ආරක්ෂා කර ගැනීමට මට උපකාර කළ නොහැක’.
‘අබ්ද් ෂම්ස්ගේ පරපුරෙන් පැවතෙන්නනි, අපා ගින්නෙන් ඔබලාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න. අල්ලාහ්ගේ දඬුවමින් ඔබව ආරක්ෂා කර ගැනීමට මට උපකාර කළ නොහැක’.
‘අබ්ද් මනාෆ්ගේ පරපුරෙන් පැවතෙන්නනි, අපා ගින්නෙන් ඔබලාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න. අල්ලාහ්ගේ දඬුවමින් ඔබව ආරක්ෂා කර ගැනීමට මට උපකාර කළ නොහැක’.
‘හාෂිම්ගේ පරපුරෙන් පැවතෙන්නනි, අපා ගින්නෙන් ඔබලාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න. අල්ලාහ්ගේ දඬුවමින් ඔබව ආරක්ෂා කර ගැනීමට මට උපකාර කළ නොහැක’.
‘අබ්දුල් මුත්තාලීබ්ගේ පරපුරෙන් පැවතෙන්නනි, අපා ගින්නෙන් ඔබලාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න. අල්ලාහ්ගේ දඬුවමින් ඔබව ආරක්ෂා කර ගැනීමට මට උපකාර කළ නොහැක’.
‘අහෝ ෆාතිමා, අපා ගින්නෙන් ඔබව ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන්න. මට අයත් වස්තුවෙන් ඔබ කැමති දෑ අරගන්න. නමුත් අල්ලාහ්ගේ දඬුවමින් ඔබව ආරක්ෂා කර ගැනීමට මට උපකාර කළ නොහැක” (බුහාරි – මුස්ලිම්)
සත්‍යය තත්ත්වය මෙතරම් භයානක ව තිබිය දී අන් අයගේ වරමින් ස්වර්ගය අත්කර ගැනීමට අපේක්ෂා කිරීම කෙතරම් පදනම් විරහිත පිළිවෙතක් ද යන්න කරුණාකර මොහොතකට සිතා බලන්න.