එන්න ශුද්ධවූ අල්කුර්ආනය පවසන ජයග්‍රහකයින් සතු උසස් ගුණාංග පිළිබඳ දැනගෙන, අපිද ජයග්‍රාහකයන් බවට පත්වෙමු.
1. අදෘශ්‍යයමාන දේ කෙරෙහි විශ්වාස කරති.
2. සලාතය නිසි ලෙස ඉටු කරති.
3. අල්ලාහ් ඔවුන්ට ලබා දුන් දෑවලින් යහපත් කටයුතු සඳහා වියදම් කරති.
4. අල්ලාහ්ගේ දූතයාණන් වෙත පහළ කරන ලද දේව ග්‍රන්ථයත්, ඔහුට පෙර පහළ කරන ලද දේව ග්‍රන්ථත් විශ්වාස කරති.
5. අවසාන දිනය පිළිබඳව ස්ථිර විශ්වාසයක් තබති.
ඔවුහු තම පරමාධිපතිගේ නිවැරදි මාර්ගය මත සිටින්නෝ වෙති. තවද, ඔවුහුම ජයග්‍රාහකයෝ වෙති.
📖 කියවන්න: අල්-කුර්ආනය 2:3–5
━━━━━━━━━━━━━━━━━━━━
6. මිනිසුන් යහපත වෙත කැඳවති.
7. යහපත අණ කරති.
8. අයහපතෙන් මිනිසුන් වළක්වති.
📖 කියවන්න: අල්-කුර්ආනය 3:104
━━━━━━━━━━━━━━━━━━━━
9. යහපත් ක්‍රියාවන්ගේ තරාදියේ බර වැඩි අය වෙති.
📖 කියවන්න: අල්-කුර්ආනය 7:8; 23:102
━━━━━━━━━━━━━━━━━━━━
10. අවසාන දූතයාණන්ව සත්‍ය වශයෙන් විශ්වාස කරති.
11. ඔහුට ගෞරව කරති.
12. ඔහුට උපකාර කරති.
13. ඔහු වෙත පහළ කරන ලද ආලෝකමත් දේව පණිවිඩය අනුගමනය කරති.
📖 කියවන්න: අල්-කුර්ආනය 7:157
━━━━━━━━━━━━━━━━━━━━
14. තම ධනයත් තම ජීවිතත් කැප කරමින් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරති.
📖 කියවන්න: අල්-කුර්ආනය 9:88
━━━━━━━━━━━━━━━━━━━━
15. අල්ලාහ්ගේ සහ ඔහුගේ දූතයාණන්ගේ තීන්දුවට සවන් දී එයට අවනත වෙති.
📖 කියවන්න: අල්-කුර්ආනය 24:51
━━━━━━━━━━━━━━━━━━━━
16. අල්ලාහ්ටත් ඔහුගේ දූතයාණන්ටත් අවනත වී, අල්ලාහ්ට බියෙන් කටයුතු කරති.
📖 කියවන්න: අල්-කුර්ආනය 24:52
━━━━━━━━━━━━━━━━━━━━
17. අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඥාතීන්ටත්, දුප්පතුන්ටත්, මගීන්ටත් ඔවුන්ට හිමි දෑ ලබා දෙමින් උපකාර කරති.
📖 කියවන්න: අල්-කුර්ආනය 30:38
━━━━━━━━━━━━━━━━━━━━
18. සලාතය නිසි ලෙස ඉටු කරති.
19. අල්ලාහ් ඔවුන්ට ලබා දුන් දෑවලින් යහපත් කටයුතු සඳහා වියදම් කරති.
20. අවසාන දිනය පිළිබඳව ස්ථිර විශ්වාසයක් තබති.
ඔවුහු තම පරමාධිපතිගේ නිවැරදි මාර්ගය මත සිටින්නෝ වෙති. තවද, ඔවුහුම ජයග්‍රාහකයෝ වෙති.
📖 කියවන්න: අල්-කුර්ආනය 31:4–5
━━━━━━━━━━━━━━━━━━━━
21. අල්ලාහ් සහ අවසාන දිනය විශ්වාස කරන මොවුහු, අල්ලාහ්ටත් ඔහුගේ දූතයාණන්ටත් විරුද්ධ වූවන් සමඟ මිත්‍රත්වයක් පවත්වන්නේ නැත. ඔවුන් තම දෙමාපියන් වුවද, තම දරුවන් වුවද, තම සහෝදරයන් වුවද, තම ඥාතීන් වුවද එය එසේමය.
📖 කියවන්න: අල්-කුර්ආනය 58:22
━━━━━━━━━━━━━━━━━━━━
22. ලෝභකමෙන් ආරක්ෂා කරනු ලැබූ අය වෙති.
📖 කියවන්න: අල්-කුර්ආනය 59:9; 64:16
━━━━━━━━━━━━━━━━━━━━
23. ඊමානය ඇති අය වෙති.
24. හිජ්රත් කළ අය වෙති.
25. තම ධනයත් තම ජීවිතත් කැප කරමින් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කළ අය වෙති.
📖 කියවන්න: අල්-කුර්ආනය 9:20
━━━━━━━━━━━━━━━━━━━━
26. ඉවසිලිවන්ත අය වෙති.
📖 කියවන්න: අල්-කුර්ආනය 23:111
━━━━━━━━━━━━━━━━━━━━
අල්ලාහ්ගේ සැබෑ ජයග්‍රාහකයන්ගේ තවත් ගුණාංග:
27. සලාතය අතිශය බියබැතිමත්භාවයෙන් හා අවධානයෙන් ඉටු කරති.
28. නිෂ්ඵල කතා හා ක්‍රියාවලින් ඈත් වෙති.
29. සකාත් නිසි ලෙස නොකඩවා ලබා දෙති.
30. තම ලිංගික පාරිශුද්ධත්වය ආරක්ෂා කර ගනිති.
31. තමන් වෙත භාර දෙන ලද අමානත් සහ තම පොරොන්දු ආරක්ෂා කරති.
32. තම සලාතයන් නිසි වේලාවට හා නිසි ආකාරයෙන් ආරක්ෂා කරති.
📖 කියවන්න: අල්-කුර්ආනය 23:1–9
━━━━━━━━━━━━━━━━━━━━
33. තම ආත්මය පිරිසිදු කරගත් අය වෙති.
📖 කියවන්න: අල්-කුර්ආනය 91:9
By: Abu Asma