ලෝක විනාශය හා අවසාන දිනය සිදුවන්නේ කවදා ද යන දැනුම පවතින්නේ අල්ලාහ් සතුව පමණි.  “එම දිනය කුමන වසරක පැමිණේද? ලෝකය විනාශ වන්නේ කවදාද?” යන ප්‍රශ්නයට ශුද්ධ වූ අල්-කුර්ආනය ලබා දෙන පිළිතුර වන්නේ, අල්ලාහ් හැර වෙන කිසිවෙකුට එය දැනගත නොහැක යන්නයි.

එම හෝරාව කවදා පැමිණෙන්නේදැයි ඔවුහු ඔබගෙන් විමසති. එහි දැනුම ඇත්තේ මාගේ පරමාධිපතියාණන් ළඟ පමණි. එය සිදුවන නියමිත වේලාවේදී එය හෙළි කළ හැක්කේ ඔහු හැර වෙන කිසිවෙකුට නොවේ. එය අහස්හිත් පොළොවෙහිත් ඉතා බරපතළ දෙයක් වනු ඇත. එය ඔබ වෙත හදිසියේම පැමිණෙනු ඇත යැයි පවසන්න. පිළිබඳව ඔබ හොඳින් දන්නා අයෙකු මෙන් ඔවුහු ඔබගෙන් විමසති. එහි දැනුම ඇත්තේ අල්ලාහ් ළඟ පමණි යැයි පවසන්න. එහෙත් මිනිසුන්ගෙන් බහුතරයක් නොදනිති. අල්කුර්ආන් 7:187

ඔබ සත්‍යවාදීන් නම්, මෙම අනතුරු ඇඟවීම කවදා සිදුවන්නේදැයි ඔවුහු විමසති. එහි දැනුම ඇත්තේ අල්ලාහ් සතුව පමණි. මම පැහැදිලිව අනතුරු අඟවන අයෙකු පමණක් යැයි පවසන්න. අල්කුර්ආන් 67:25–26

ඔබට අනතුරු අඟවනු ලබන දේ ළඟදීම සිදුවේද, නැතහොත් සඳහා මාගේ පරමාධිපතියාණන් තවත් කාලයක් නියම කරන්නේද යන්න මම නොදනිමි යැයි පවසන්න. අල්කුර්ආන් 72:25

එම හෝරාව පිළිබඳව එය කවදා සිදුවන්නේදැයි ඔවුහු ඔබගෙන් විමසති. එහි සිදුවීම පිළිබඳ දැනුම ඔබට කෙසේ තිබිය හැකිද? එහි අවසාන දැනුම ඇත්තේ ඔබගේ පරමාධිපතියාණන් ළඟය. එය ගැන බියවන්නන්ට ඔබ අනතුරු අඟවන්නෙකු පමණි. ඔවුන් එය දකින විට, ඔවුන් මෙලොව රැඳී සිටියේ එක් සන්ධ්‍යාවක් හෝ එක් උදෑසනක් පමණක් යැයි ඔවුන්ට හැඟෙනු ඇත. අල්කුර්ආන් 79:42–46

අල්ලාහ්ගේ දඬුවම ඔවුන් වටකරගෙන පැමිණීම ගැන හෝ, ඔවුන් නොදැන සිටියදීම එම හෝරාව හදිසියේම ඔවුන් වෙත පැමිණීම ගැන හෝ ඔවුහු බිය නොවෙතිද?” අල්කුර්ආන් 12:107

නියත වශයෙන්ම එම හෝරාව පැමිණීමට නියමිතය. සෑම කෙනෙකුම තමන් කළ උත්සාහයට අනුව ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මම එය සඟවා තබමි. එය විශ්වාස නොකර, තම ආශාවන් අනුගමනය කරන පුද්ගලයා ඔබව එය පිළිබඳව නොසැලකිලිමත් කිරීමට ඉඩ නොදෙන්න. එසේ වුවහොත් ඔබ විනාශයට පත්වනු ඇත! අල්කුර්ආන් 20:15–16

මිනිසුන් එම හෝරාව පිළිබඳව ඔබගෙන් විමසති. එහි දැනුම ඇත්තේ අල්ලාහ් සතුව පමණි යැයි පවසන්න. එම හෝරාව ඉතා ආසන්න විය හැකි බව ඔබ දන්නේ කෙසේද?” අල්කුර්ආන් 33:63

ඔබලා ඉක්මනින් ඉල්ලා සිටින දේ මා සතුව තිබුණේ නම්, මා සහ ඔබලා අතර කටයුත්ත තීරණය කර අවසන් කරනු ලැබ තිබිණි. තවද, අපරාධකරුවන් පිළිබඳව අල්ලාහ් වඩාත් හොඳින් දන්නා සේක.අල්කුර්ආන් 6:58

ඔබලා සත්‍යවාදීන් නම්, මේ ජයග්‍රහණය (තීන්දුව) කවදාදැයි ඔවුහු විමසති ජයග්‍රහණයේ දිනයේදී ප්‍රතික්ෂේප කළවුන්ගේ විශ්වාසය ඔවුන්ට කිසිදු ප්‍රයෝජනයක් නොදෙනු ඇත. තවද, ඔවුන්ට කිසිදු අවකාශයක් ලබා නොදෙනු ඇත. අල්කුර්ආන් 32:28–29

 ඔබලා සත්‍යවාදීන් නම්, මේ පොරොන්දුව කවදා ඉටු වන්නේදැයි ඔවුහු විමසති. ඔබට මෙසේ පවසන්න: අල්ලාහ් කැමති දේ හැර, මටම කිසිදු හානියක් හෝ ප්‍රයෝජනයක් ලබා දීමට මට බලයක් නැත. සෑම ජන සමූහයකටම නියමිත කාල සීමාවක් ඇත. ඔවුන්ගේ නියමිත කාලය පැමිණි විට, ඔවුන්ට පැයක් පමණවත් එය ප්‍රමාද කිරීමට නොහැකි අතර, එය ඉක්මන් කිරීමටද නොහැක. අල්කුර්ආන් 10:48–49

ඔබලා සත්‍යවාදීන් නම්, මේ පොරොන්දුව කවදාදැයි ඔවුහු විමසති. ප්‍රතික්ෂේප කළවුන් තමන්ගේ මුහුණුවලින් හෝ පිටුපසින් ගින්න වළක්වාගත නොහැකි වන විටත්, ඔවුන්ට කිසිදු උපකාරයක් නොලැබෙන විටත් සිදුවන්නේ කුමක්දැයි ඔවුන් දැන සිටියේ නම් (ඔවුන් මෙසේ නොකියනු ඇත). (39)

එය ඔවුන් වෙත හදිසියේම පැමිණ, ඔවුන්ව වික්ෂිප්ත කරනු ඇත. එවිට එය ආපසු හැරවීමට ඔවුන්ට නොහැකි වන අතර, ඔවුන්ට කිසිදු අවකාශයක්ද ලබා නොදෙනු ඇත. අල්කුර්ආන් 21:38–40

ඔබලා සත්‍යවාදීන් නම්, මේ පොරොන්දුව කවදාදැයි ඔවුහු විමසති. ඔබලා ඉක්මනින් ඉල්ලා සිටින දේවලින් යම් කොටසක් ඔබලාට ඉතා ආසන්න වී තිබිය හැකිය යැයි පවසන්න අල්කුර්ආන් 27:71–72

ඔබලා සත්‍යවාදීන් නම්, මේ පොරොන්දුව කවදාදැයි ඔවුහු විමසති.ඔබලාට නියමිත දිනයක් ඇත. එයින් පැයක් පමණවත් ඔබලාට ප්‍රමාද විය නොහැකි අතර, එය ඉක්මන් කිරීමටද නොහැකිය යැයි පවසන්න. ප්‍රතික්ෂේප කළවුන් මෙසේ පැවසූහ: අපි මෙම අල්කුර්ආනය හෝ එයට පෙර පැවති දේ කිසිසේත් විශ්වාස නොකරන්නෙමු. අපරාධකරුවන් තම පරමාධිපතියාණන් ඉදිරියේ නවතා තබනු ලබන අවස්ථාවේදී, ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට වචන හුවමාරු කරගන්නා ආකාරය ඔබ දකින්නෙහි නම්! දුර්වල කරනු ලැබූවන්, උඩඟු වූවන්ට මෙසේ පවසනු ඇත: ඔබලා නොසිටියේ නම්, අපි විශ්වාස කරන්නන් වන්නෙමු.  අල්කුර්ආන් 34:29–31

ඔබලා සත්‍යවාදීන් නම්, මේ පොරොන්දුව කවදාදැයි ඔවුහු විමසති. ඔවුන් බලා සිටින්නේ, ඔවුන් එකිනෙකා සමඟ තර්ක කරමින් සිටියදී ඔවුන්ව අල්ලා ගන්නා එකම මහත් හඬක් (මහා පිපිරීමක්) හැර වෙන කිසිවක් නොවේ. එවිට ඔවුන්ට අවසන් කැමැත්තක් හෝ උපදෙසක් දීමටවත් නොහැකි වන අතර, තම පවුල වෙත ආපසු යාමටවත් ඔවුන්ට නොහැකි වනු ඇත.  අල්කුර්ආන් 36:48–50

ඔබලා සත්‍යවාදීන් නම්, මේ පොරොන්දුව කවදාදැයි ඔවුහු විමසති. එහි දැනුම ඇත්තේ අල්ලාහ් ළඟ පමණි. මම පැහැදිලිව අනතුරු අඟවන අයෙකු පමණි යැයි පවසන්න.  අල්කුර්ආන් 67:25–26

තීරණාත්මක වූ අවසාන දිනය ඉතා සමීප බව පවසන ශුද්ධවූ අල්කුර්ආනය වැකි හොඳින් කියවා තාවකාලිකවූ මෙලොව ජීවතයෙහි අලංකාරවලට නෙරැවටී සැබෑවූ සදාතනිකවූ මතු ලොව ජීවිතය සඳහා ඔබව සූදානම් කරගන්න.
අපි ඔබට ළඟා වී ඇති වේදනාකාරී දඬුවම පිළිබඳව අනතුරු අඟවන්නෙමු. එදින මිනිසා තමන් කළ ක්රියාවන් දැකගනු ඇත. එවිට ප්රතික්ෂේප කරන්නා, “අහෝ! මම පස් බවට පත්වී සිටියා නම් කොතරම් හොඳද!” යැයි පවසනු ඇත.
(අල්-කුර්ආනය 78:40)
ඔවුහු එය දුරස්ථ දෙයක් ලෙස දකිති. නමුත් අපි එය සමීප දෙයක් ලෙස දකිමු. (අල්-කුර්ආනය 70:6–7)
එම හෝරාව ළඟා වී ඇත. චන්ද්රයාද පැලී ගියේය. (අල්-කුර්ආනය 54:1)
එම හෝරාව සමීපව තිබිය හැකි බව ඔබ දන්නේ කෙසේද? (අල්-කුර්ආනය 42:17)
(මුහම්මද්!) එම හෝරාව පිළිබඳව මිනිසුන් ඔබගෙන් විමසති. “එහි දැනුම ඇත්තේ අල්ලාහ් සතුව පමණි” යැයි පවසන්න. එම හෝරාව සමීපව තිබිය හැකි බව ඔබ දන්නේ කෙසේද? (අල්-කුර්ආනය 33:63)
සැබෑ පොරොන්දුව ළඟා වී ඇත. එවිට ප්රතික්ෂේප කළ අයගේ දෑස් බියෙන් එක තැනකට යොමු වී තිබෙනු ඇත. ඔවුහු, “අපට විනාශයයි! අපි මේ පිළිබඳව නොසැලකිලිමත්ව සිටියෙමු. එසේ නොව, අපි අසාධාරණකම් කළෙමු” යැයි පවසනු ඇත. (අල්-කුර්ආනය 21:97)
මිනිසුන් සඳහා වූ විනිශ්චය දිනය ළඟා වී ඇත. නමුත් ඔවුහු නොසැලකිලිමත්ව, එය නොසලකා හරිමින් සිටිති. (අල්-කුර්ආනය 21:1)
“අපව නැවත කවරෙකු මැවනු ඇත්ද?” යැයි ඔවුහු අසති. “පළමු වරට ඔබව මැවූයේ කවුරුන්ද?” යැයි විමසන්න. එවිට ඔවුහු ඔබ වෙත හිස් නැමූහ. “එය කවදා සිදුවන්නේද?” යැයි අසති. “එය සමීපව සිදුවිය හැකිය” යැයි පවසන්න. (අල්-කුර්ආනය 17:51)
ඔවුන් අහස් හා මහපොළොවේ රාජ්යයද, ඔහු මැවූ අනෙකුත් දෑද, ඔවුන්ගේ නියමිත කාලය සමීපව තිබිය හැකි බවද නොසලකා බැලුවේද? මෙයින් පසුව ඔවුන් කවර ප්රකාශයක් විශ්වාස කරනු ඇත්ද? (අල්-කුර්ආනය 7:185)

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *