පරිච්ඡේදය – 95
අත්තීන් (අත්තික්කා)
මක්කි – වැකි 8
بسم الله الرحمن الرحيم
අසීමිත කරුණාවන්තයාවූද අසම දයාවන්තයාවූද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි.)
وَالتِّينِ وَالزَّيْتُونِ
95:1. අත්තික්කා කෙරෙහිද, ඔලිව් කෙරෙහිද දිවුරා පවසමි!
وَطُورِ سِينِينَ
95:2. ‘තූර්සිනායි’ කන්ද කෙරෙහි දිවුරා පවසමි!
وَهَذَا الْبَلَدِ الْأَمِينِ
95:3. අභය ලබාදෙන මෙම නගරය කෙරෙහි දිවුරා පවසමි!
لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ
95:4. නියතව අපි මිනිසාව ලක්ෂණ හැඩයෙහි මැව්වෙමු.
ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِينَ
95:5. පසුව. අපි ඔහුව පහත් තත්ත්වයේ වූවන්ගෙන් වඩාත් පහත් තත්ත්වයේ වූවෙකු ලෙස කළෙමු.
إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ
95:6. (නමුත්) කවරහු 6විශ්වාස කර, යහකම් කළෝද ඔවුන්ව හැරය. ඔවුනට නිමක් නැති 37කුලිය ඇත.
فَمَا يُكَذِّبُكَ بَعْدُ بِالدِّينِ
95:7. (ඕ:මිනිසා!) මෙයට පසුවද, 9විනිශ්චය දිනය 49බොරු කිරීමට ඔබව පෙළඹවූයේ කුමක්ද?
أَلَيْسَ اللَّهُ بِأَحْكَمِ الْحَاكِمِينَ
95:8. 1අල්ලාහ් විනිශ්චය ලබාදෙන්නන් අතරින් වඩාත් හොඳ විනිශ්චයකරුවා නොවේද?