පරිච්ඡේදය – 93
අල්ලුහා (පෙර වරුව)
මක්කි – වැකි 11
بسم الله الرحمن الرحيم
අසීමිත කරුණාවන්තයාවූද අසම දයාවන්තයාවූද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි.)
وَالضُّحَى
93:1. පෙර වරුව කෙරෙහි දිවුරා පවසමි!
وَاللَّيْلِ إِذَا سَجَى
93:2. වසාගන්නා රාත්‍රිය කෙරෙහි දිවුරා පවසමි!
مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَى
93:3. (ඕ:නබි!) ඔබගේ 10ස්වාමියා ඔබව අත් හැරියේද නැත; අප්‍රිය කළේද නැත.
وَلَلْآخِرَةُ خَيْرٌ لَّكَ مِنَ الْأُولَى
93:4. මෙලොවට වඩා 9එලොවම ඔබට වඩාත් ශ්‍රේෂ්ඨ වේ.
وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَى
93:5. ඔබගේ 10ස්වාමියා ඔබට පිරිනමන්නේය. එකල ඔබ තෘප්තියට පත්වන්නෙහිය.
أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَى
93:6. ඔහු ඔබව අනාථ දරුවෙකු ලෙස දැක උපකාර නොකළේද?
وَوَجَدَكَ ضَالًّا فَهَدَى
93:7. තවද, ඔබව වැරදි මඟක ගිය කෙනෙකු ලෙස දැක 4යහමඟෙහි යැව්වේ නැද්ද?
وَوَجَدَكَ عَائِلًا فَأَغْنَى
93:8. ඔහු ඔබව දුප්පත්කම ඇත්තෙකු ලෙස දැක අවශ්‍යතා නොමැත්තෙකු ලෙස නොකළේද?
فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ
93:9. එහෙයින්, ඔබ අනාථ දරුවන්ට අප්‍රසන්නතාවය නොපෙන්විය යුතුය.
وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ
93:10. තවද, ඔබ යාචකයාව එළවා නොදැමිය යුතුය.
وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ
93:11. තවද, ඔබගේ 10ස්වාමියාගේ ආශිංෂණයන් ගැන (සැළ කර) පවසන්න!