පරිච්ඡේදය – 85

අල්බුරූජ් (ග්‍රහ)

මක්කි – වැකි 22

بسم الله الرحمن الرحيم

අසීමිත කරුණාවන්තයාවූද අසම දයාවන්තයාවූද අල්ලාහ්ගේ නාමයෙන් (ආරම්භ කරමි.)


وَالسَّمَاء ذَاتِ الْبُرُوجِ

85:1. ග්‍රහයන්ගෙන් සමන්විත අහස කෙරෙහි දිවුරා පවසමි!


وَالْيَوْمِ الْمَوْعُودِ

85:2. ප්‍රතිඥා දෙනු ලැබූ එම දිනය කෙරෙහි දිවුරා පවසමි!


وَشَاهِدٍ وَمَشْهُودٍ

85:3. සාක්ෂි පවසන්නා කෙරෙහිද, සාක්ෂි පවසනු ලබන්නා කෙරෙහිද දිවුරා පවසමි!


قُتِلَ أَصْحَابُ الْأُخْدُودِ

85:4. ගිනි අගලට අයත්වූවෝ ශාප කරනු ලැබූහ.


النَّارِ ذَاتِ الْوَقُودِ

85:5. (එය) දාහකවලින් යුත් ගින්නක් වේ.


إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ

وَهُمْ عَلَى مَا يَفْعَلُونَ بِالْمُؤْمِنِينَ شُهُودٌ

85:6,7. ඔවුහු එය සමීපයෙහි හිඳ, විශ්වාසවන්තයින්ට (දඞුවම්) කිරීම දෙස බලා සිටියහ.


وَمَا نَقَمُوا مِنْهُمْ إِلَّا أَن يُؤْمِنُوا بِاللَّهِ الْعَزِيزِ الْحَمِيدِ

85:8. ඔවුන් සියල්ල අභිභවූ කෙනාද, ප්‍රශංසාවට හිමි කෙනාද වන අල්ලාහ්ව විශ්වාස කළාට හැර (වෙන කිසිවකටත්) මොවුහු ඔවුන්ගෙන් පළි නොගත්තෝය.


الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ

85:9. අහස් හා පොළොවෙහි රාජ්‍යය ඔහුටම අයත් වේ. 1අල්ලාහ් සියල්ල බලන්නාය.


إِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيقِ

85:10. කවරහු 6විශ්වාසවන්ත පිරිමින්වද, ගැහැණුන්වද පීඩාවට පත් කර, පසුව සමාව නොඅයැදුවෝද ඔවුනට 21නිරයෙහි වධ වේදනාව ඇත. තවද ඔවුනට දවා පුළුස්සන වධ වේදනාවද ඇත.


إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ذَلِكَ الْفَوْزُ الْكَبِيرُ

85:11. නියතව, කවරහු 6විශ්වාස කර, යහකම් කළෝද ඔවුනට 22ස්වර්ග උයන් ඇත. ඒවායෙහි පහළින් ගංගා ගලා බසියි. මෙයම විශාල ජයග්‍රහණයක් වේ.


إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ

85:12. නියතව, ඔබගේ 10ස්වාමියාගේ ග්‍රහණය බලවත් දෙයක් වේ.


إِنَّهُ هُوَ يُبْدِئُ وَيُعِيدُ

85:13. නියතව, පළමුව මැවූකෙනාද, (මරණයට පසු) ආපසු ගෙන එන්නාද ඔහුමය.


وَهُوَ الْغَفُورُ الْوَدُودُ

85:14. ඔහු අධිකව සමා කරන්නාය; අධිකව ස්නේහ කරන්නාය.


ذُو الْعَرْشِ الْمَجِيدُ

85:15. (ඔහු) 65අර්ෂයෙහි හිමිකාරයාය; අධික මහඟුභාවය ඇත්තාය.


فَعَّالٌ لِّمَا يُرِيدُ

85:16. (ඔහු) තමා සිතන දෙය කරන්නාය.


هَلْ أَتَاكَ حَدِيثُ الْجُنُودِ

فِرْعَوْنَ وَثَمُودَ

85:17,18. ෆිර්අවුන් හා සමූද් සමූහයාගේ පුවත (නබි) ඔබ හමුවට පැමිණියේද?


بَلِ الَّذِينَ كَفَرُوا فِي تَكْذِيبٍ

85:19. නමුත්, 12ප්‍රතික්ෂේප කළවුන් 49බොරු කිරීමෙහිම (ගිලී) සිටිති.


وَاللَّهُ مِن وَرَائِهِم مُّحِيطٌ

85:20. 1අල්ලාහ් ඔවුනට පිටුපසින් පූර්ණව වටකර දැනගනියි.


بَلْ هُوَ قُرْآنٌ مَّجِيدٌ

85:21. නමුත්, එය මහඟුභාවයෙන් අධික කුර්ආනය වේ.


فِي لَوْحٍ مَّحْفُوظٍ

85:22. (එය 54ආරක්ෂා කරනු ලැබූ ලේඛණය වන) ‘ලව්හුල් මහ්ෆූල්’හි ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *